• Facebook

නීති වි‍රෝධී සම්භාහන මධයස්ථාන 5000

දිවයින පුරා නීති වි‍රෝධී සම්භාහන ආයතන 5,000 කට අධික සංඛ්‍යාවක් පවතින බව ආයුර්වේද දෙපාර්තමේන්තුව පැවසීය. ආයුර්වේද කොමසාරිස් පාලිත වීරකෝන් මහතා පැවසූවේ එයින් බහුතරය බස්නාහිර පළාතේ ක්‍රියාත්මකවන බවය.

දැනට දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති සම්භාහන හා පංචකර්ම ආයතන සංඛ්‍යාව 180 කි.

එවැනි ආයතන වැටලීම් සඳහා ප්‍රමාණවත් බලතල ආයුර්වේද දෙපාර්තමේන්තුව සතුව නොමැති බවද ඔහු පැවසීය.

0 comments:

Post a Comment