
විශ්ව ශක්තිය මගින් පිලිකා රෝගය සුව කරන බව ප‍්‍රකාශ කරමින් විශාල මූල්‍ය වංචාවක් සිදු කළ වැලිගම ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයකුවන ඞී.එන්. දළුවත්ත මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුමක් දියත් වුණා.
ඒ යුද හමුදාවේ උසස් නිලධාරියකුගේ මවක් සුව කරන බව ප‍්‍රකාශ කරමින් රුපියල් ලක්ෂ 15ක මුදලක් ගෙන වංචා කිරිම චෝදනාව මතයි. වැලිගම පොල්අතුමෝදර ප‍්‍රදේශයේ DND සත් සේවය නමින් කාර්යාලයක්ද පවත්වාගෙන කාලයක් තිස්සේ මෙම වංචාව සිදු කොට තිබෙනවා.
රෝග සුවපත් කිරීමට පොරොන්දු දී පුද්ගලයින් සයදෙනෙකුගෙන් රු. මිලියන 2.4ක් වංචා කළ බවට ඔහුට චෝදනා එල්ලව තිබේමාතර මහේස්ත‍්‍රාත් උදේශ් රණතුංග ඉදිරියට පමුණුවනු ලැබූ මන්තී‍්‍රවරයා සහ ඔහුගේ කළමනාකරු ජනවාරි 25 වැනිදා දක්වා රිමාන්ඞ් භාරයට යවනු ලැබීය
0 comments:
Post a Comment