• Facebook


වෙන්නප්පුව සහ දංකොටුව යන ප්‍රදේශ වල පවත්වා ගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා කාන්තාවන් දස දෙනෙකු වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ගණිකා නිවාස වල කළමනාකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව වලාන දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය මහතා ප්‍රකාශ කළේය.

වෙන්නප්පුව දුම්මලදෙණිය ප්‍රදේශයේ දී එක් ගණිකා නිවාසයක් වට‍ලා ඇති අතර එහි දී කාන්තාවන් සිව් දෙනෙකු අත්ඩඅංගුවට ගෙන ඇත.

දංකොටුව, පන්නල මාර්ගයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයේ දී අනෙක් කාන්තාවන් හය දෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

වෙන්නප්පුව ‍දුම්මලදෙණිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසය ආරක්ෂක අංශ නිලධාරියෙකු විසින් පවත්වාගෙන ගොස් ඇති බවට සිදුකළ පරීක්ෂණ වලින් අනාවරණය වූ බව දුමින්ද බාලසූරිය මහතා ප්‍රකාශ කළේය.

මාරවිල මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතාගෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් අනුව ඊයේ(07) පස්වරුවේ මෙම ගණිකා නිවාස වටලා තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාරවිල පොලිසියට භාර දී ඇති අතර ඔවුන් අද(08) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

0 comments:

Post a Comment