ලිබියාවේ ට්‍රිපෝලි නගරයට ඉහළ අහසේ අද(20) උදෑසන ප්‍රහාරක ගුවන් යානා රැසක් ගමන් ගත් බවත් ඒවායින් වෙඩි තැබීම් සහ බෝම්බ හෙලීම් රැසක් සිදු වූ බවත් සී. එන්. එන්. ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.
එම ප්‍රහාර වලින් 50කට අධික පිරිසක් ජීවිතක්‍ෂයට පත් වූ බවට තොරතුරු වාර්තා වී ඇති අතර මිය ගිය අය අතර කාන්තාවන් සහ ළමුන් වැඩිදෙනෙක් සිටින බවද සී. එන්. එන්. ප්‍රවෘත්ති සේවය වාර්තා කර තිබුණි. ඇමෙරිකාව, ප්‍රංශය හා බ්‍රිතාන්‍ය ආරක්‍ෂ හමුදා විසින් මුවම්මර් ගඩාෆි පාලනයට විරුද්ධව මෙලෙස මෙහෙයුම් ආරම්භ කර ඇත.
ආරක්‍ෂක ඉලක්කයන් 20කට පමණ මිසයිල් ප්‍රහාර එල්ල වී තිබේ.
කෙසේ නමුදු මෙම තත්ත්වය අතර තුරේ ද ගඩාෆි හිතකාමී පිරිස් ඔහුගේ මාළිගාව ඉදිරිපිට රැදී සිටිමින් ගඩාෆි හට සහාය පළ කරමින් සිටිති.
එසේම මුවම්මර් ගඩාෆි විසින් ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා වෙත යැවූ ලිපියක දක්වා ඇත්තේ තමන් ද ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානම් බවයි. එමෙන්ම සියළු ලිබියානුවන් තම සහාය වෙනුවෙන් තමා වටා එක් රැස් වී සිටින බවද එම ලිපිය ඔස්සේ ගඩාෆි දැනුම් දී ඇත.
0 comments:
Post a Comment