බුදු දහමට භික්ෂුන් වහන්සේට හා බෞද්ධ ජනතාවට නින්දා කරමින් පවත්වාගෙන යන වෙබ් අඩවියක් තහනම් කරන මෙන් ඉල්ලා රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හැගොඩ විපස්සි හිමියෝ පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත්කොට ඇත. එම වෙබ් අඩවියේ දක්වා ඇති කරුණු සියල්ලෙන්ම බුදු දහමට ඉතා විශාල හානියක් සිදුවන බැවින් ඒ ගැන කඩිනම් පියවරක් ගත යුතුයැයි විපස්සි හිමියෝ කල පැමිණිල්ලේ වෙයි.එසේම එම වෙබ් අඩවියේ දර්ශන හා ලේඛන කීපයක්ද පොලිස් මුලස්ථානයට ඉදිරිපත්කොට ඇත.
1.ඉන්දියාවේ මයිසුර්හි ශ්‍රවන බෙල්ගොලාහි තිබෙන ජෙයින සාදුවරයන්ගේ ගලින් නෙලූ මහා ප්‍රතිමාව බුදුරජාණන්ගේ රූපකාය ලෙස දැක්වීම
2. බුදුරදුන්ට නිග්‍රහ වන සේ නිර්වස්ත්‍ර කාන්තා රුපයක් දැක්වීම
3. භික්ෂුන් වහන්සේලාට අපහස වන විවිධ අසභ්‍ය දර්ශන දැක්වීම
4. සිංහල බෞද්ධ ජනතාව විසින් මිනීමැරුම් වංචා දුෂණ කලයි අසත්‍ය වාර්තා ඉදිරිපත් කිරීම
5.ලෝකයේ විවධ රටවල කල ම්ලේච්ජ ක්‍රියා සිංහල බෞද්ධ ජනතාවගේ ක්‍රියා ලෙස හුවා දැක්වීම.
ආදී අසත්‍ය කරුණු ඇතුලත් වෙබ් අඩවිය තහනම් කරන මෙන් වැඩිදුරටත් විපස්සි හිමියෝ පැමිණිල්ලේ සදහන් කොට ඇත.
0 comments:
Post a Comment