• Facebook

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවත්වීමට නියමිත අවසන් පූර්ව වටයේ තරගය සඳහා ප්‍රවේශ පත් හෙට(22) දිනය තුළ අලෙවි කෙරෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝක කුසලාන සංවිධායක කමිටු අධ්‍යක්ෂ සුරාජ් දන්දෙනිය මහතා පවසයි.

එම තරගය නැරඹීම සඳහා රුපියල් 300 ප්‍රවේශපත්‍ර පෙරවරු 8 සිට හෙට දිනය තුළ පමණක් මාළිගාවත්ත, පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී අලෙවි කෙරෙන බව ඒ මහතා සඳහන් කරයි.

එමනිසා හෙට උදෑසනින්ම පැමිණ අවශ්‍ය ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට කටයුතු කරන සුරාජ් දන්දෙනිය මහතා ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලා සිටියි.

0 comments:

Post a Comment